ඩෙරෙක් ප්‍රින්ස් ගැන නිතර ඇසෙන ප්‍රශ්න

කීර්තිමත් විශාරදයෙකු සහ ජාතීන් අතර කීර්තිමත් බයිබල් ගුරුවරයෙකු වූ ඩෙරෙක් ප්‍රින්ස් ඔහුගේ බයිබලානුකුල තීක්ෂ්ණ බුද්ධිය සහ ප්‍රඥාව සඳහා බෙහෙවින් ගෞරවයට පාත්‍ර වූ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකි.

අන්තර්ගතය

(අදාළ තැනට යාම සඳහා ක්ලික් කරන්න)

ඩෙරෙක් ප්‍රින්ස් උපත ලැබුවේ කොහේද?

ඉන්දියාවේ බංගලෝර්හීය

ඩෙරෙක් ප්‍රින්ස් උපත ලැබුවේ කවදාද?

1915 අගෝස්තු 14

ඩෙරෙක් ප්‍රින්ස් මියගොස් සිටීද?

2003 සැප්තැම්බර් 24වන දින ඩෙරෙක් ප්‍රින්ස් මිය ගියේය

ඩෙරෙක් ප්‍රින්ස් මිය යන විට ඔහුගේ වයස කොපමණද?

වයස අවුරුද 88ක් විය

ඩෙරෙක් ප්‍රින්ස් මිය ගියේ කොහේදීද?

ඩෙරෙක් ප්‍රින්ස් යෙරුසලමේ තම නිවසේදී මිය ගියේය.

ඩෙරෙක් ප්‍රින්ස්ව භුමදානය කර ඇත්තේ කොහේද?

යෙරුසලෙමේ ඇලායන්ස් චර්ච් ඉන්ටර්නැෂනල්හි සොහොන් භූමියේය.

ඩෙරෙක් ප්‍රින්ස් මිය ගියේ කෙසේද?

ඩෙරෙක් ප්‍රින්ස් කාලයක සිට අත්විඳි සෞඛ්‍ය පිරීහීමක් නිසා අත්විඳි හදවත් ගැටලුවක් හේතුවෙන් තම නින්දේදී මිය ගියේය.

ඩෙරෙක් ප්‍රින්ස් විශ්වාස කළේ කුමක්ද?

ඩෙරෙක් ප්‍රින්ස් නිකාය නොවන, පෙන්තකොස්ත කිතුනුවකු විය. ඔහුගේ විශ්වාසයන් අපගේ ඇදහිල්ලේ ප්‍රකාශය සමඟ සමපාත වූ අතර එය ඇදහිල්ල සහ භාවිතය පිළිබඳ සියලු කාරණාවලදී අපට මඟ පෙන්වයි.

ඇදහිල්ලේ ප්‍රකාශය
“ඔබ කුමන නිකායට අයත්ද, ඔබ කුමන සභාවට යනවාද” කියා මිනිසුන් මගෙන් අසන විට, මම ගීතිකාකරු කළාක් මෙන් පිළිතුරු දීමට කැමැත්තෙමි: ' මම දෙවියන්වහන්සේට භය වන සියල්ලන්ටම, උන්වහන්සේගේ උපදෙස් පිළිපදින සියල්ලන්ටම මිතුරෙකි.' එය ලේබලය පිළිබඳ කාරණයක් නොවේ; එය හදවතේ ඇති ආකල්පය සහ ජීවිතයේ ගමන් මග පිළිබඳ ප්‍රශ්නයකි. - ඩෙරෙක් ප්‍රින්ස්

ඩෙරෙක්ගේ ප්‍රියතම බයිබල් පරිවර්තනය කුමක් වීද?

ඩෙරෙක් කිං ජේම්ස් අනුවාදයට කැමති වූ අතර ඔහු බයිබලයේ මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක පිටපත් පවා අධ්‍යයනය කළේය.

ප්‍රේක්ෂකයින් සමඟ පැහැදිලිව සන්නිවේදනය කිරීම සඳහා, ඔහු බොහෝ විට නව ඇමරිකානු සම්මත බයිබලය, නව ජාත්‍යන්තර අනුවාදය සහ නව කිං ජේම්ස් අනුවාදය වැනි නවීන පරිවර්තන භාවිතා කළේය. සමහර අවස්ථාවලදී අදාළ ජේදය සහ එහි තේරුම වඩාත් හොඳින් විස්තර කිරීමට ඔහු ජේ.බී. පිලිප්ස් බයිබලය, ජීවමාන බයිබලය හෝ ඇම්ප්ලිෆයිඩ් බයිබලය වුවද භාවිතා කළේය.

ඩෙරෙක් ප්‍රින්ස් විවාහ වූයේද?

ඩෙරෙක් ප්‍රින්ස් දෙවරක් විවාහ වී දෙවරක් වැන්දඹුභාවයට පත්වූයේය.

ලිඩියා ප්‍රින්ස්
1946 සිට1975 දක්වා විවාහවී සිටියාය

රූත් ප්‍රින්ස්
1978 සිට 1998 දක්වා විවාහවී සිටියාය
මම ලිඩියා සමඟ අවුරුදු 30ක් පුරාවටත්, ඉන් පසු රූත් සමඟ අවුරුදු 20කටත් විවාහ වී සිටියෙමි. දෙදෙනාම ප්‍රීතිමක් හා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා. - ඩෙරෙක් ප්‍රින්ස්

ලිඩියා ප්‍රින්ස් මිය ගියේ කවදාද?

1975 ඔක්තෝබර් 5

රූත් ප්‍රින්ස් මිය ගියේ කවදාද?

1998 දෙසැම්බර් 29

ඩෙරෙක් ප්‍රින්ස් හට දරුවන් සිටියේද?

ඩෙරෙක් ප්‍රින්ස් දරුවන් 12 දෙනෙකුට පියෙක් වූයේය.

ගෙදර
සම්පත්
+
සම්පත්ගබඩා කරන්නපුවත්දුරදිග යාම
ගැන
+
පරිත්‍යාග කරන්න
සම්බන්ධ වෙන්න
+
අමතන්න
+
අමතන්න
White Facebook iconWhite YouTube iconWhite Instagram iconX iconPinterest icon