ඉතිහාසය
මේ සියල්ල ආරම්භ වූයේ 1971 දී ඩෙරෙක් ප්‍රින්ස් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි ඔහුගේ නිවසේ ගරාජයේ කාර්යාලයක් නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ ය. මුලින් ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන ලෙස හැඳින්වූ එය, 1944 දී සමිඳාණන් වහන්සේ ඔහුට පහත දේ පැවසූ විට මුල් දැරූ සමෘද්ධිමත් බයිබල් ඉගැන්වීමේ සේවයේ ඵලයක් විය
බොහෝ දෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතින සත්‍යයෙන් ද ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධ ලියවිල්ලේ ගුරුවරයෙකු වීමට ඔබ කැඳවනු ලැබ ඇත.
මෙම වදන් ආත්මික කුසගින්නෙන් පෙළෙන අයට පෝෂණය දීමට ඩෙරෙක් ගත් උත්සාහයට අනුබල දුන් අතර, "ස්වයං-අධ්‍යයන බයිබල් පාඨමාලාව" (1969), "සත්‍යය මුදා හැරීම" (1966), "පසුතැවිලි වී විශ්වාස කරන්න" (1966) ඇතුළු තවත් පොත් පෙළක් ලිවීමට සහ ස්වයං-ප්‍රකාශනයන් කිරීමට ඔහුව පෙලඹවූයේය. මෙම මාතෘකා වල සාර්ථකත්වය සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය පිළිබඳ සාක්ෂියක් වන ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සමඟ වර්ධනය විය.
1972 වන විට නිෂ්පාදනය සේවයේ එකම සාමාජිකයා ලෙස ඩෙරෙක්ගේ ධාරිතාව ඉක්මවා ගොස් තිබූ අතර හෙතෙම ඩේවිඩ් සෙල්බිට (ඔහුගේ බෑණා) තමන්ට උදව් කරන ලෙස ඉල්ලා ආරාධනා කරන ලදී. ඔවුන් එක්ව, විකාශන ගුවන්විදුලියට සම්බන්ධ වෙමින් සහ නව පොත් ප්‍රකාශයට පත් කරමින්, වර්ධනය වෙමින් පවතින දේවසේවයට මාර්ගයක් සකසා ගත්හ.
1980 දශකය පුරාවට නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල විදේශ කාර්යාල විවෘත කරන ලද අතර, ශ්‍රාවක ජාතීන්ගේ සිහින ශක්තිමත් විය. එම දශකය අවසන් වන විට, ඩෙරෙක් ලොව පුරා විහිදුණු බයිබල් ඉගැන්වීමේ චාරිකා තුනක් සම්පූර්ණ කර තිබූ අතර, ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන මහාද්වීප හයක් සහ භාෂා දහයක් පුරා පුළුල් ලෙස විකාශනය විය.
1990 දී ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන නිල වශයෙන් ඩෙරෙක් ප්‍රින්ස් සේවය ලෙස නම් කරන ලදී. නොමිලේ බයිබල් ඉගැන්වීම් ද්‍රව්‍ය බෙදා හැරීම තීව්‍ර වී ඇති අතර, රටවල් 140කට ආසන්න සංඛ්‍යාවකට ඒවා බෙදාහැරීම සිදුවුණි. ඩෙරෙක්ගේ පොත් දැන් භාෂා 50කට වඩා වැඩි ගණනකින් ලබා ගත හැකි විය.
අද වන විට ඩෙරෙක් ප්‍රින්ස් සේවයට ලොව පුරා රටවල් 45කට අධික සංඛ්‍යාවක කාර්යාල ඇති අතර සෑම ජාතියකම, සංස්කෘතියකම සහ භාෂාවකම බයිබලය ඉගැන්වීමට එය මුළු හදවතින්ම කැපවී සිටී. ඔහුගේ දේවසේවයේ වර්ධනය හා සාර්ථකත්වය 1941 දී සමිඳාණන් වහන්සේ ඩෙරෙක්ට පැවසූ පහත අනාවැකිමය වචන මඟින් සත්‍යාපනය විය:
“එය කුඩා දිය පහරක් මෙනි. එම කුඩා දිය පහර ගඟක් බවට පත් වෙයි. ගංගාව මහා ගංගාවක් වනු ඇත. මහා ගංගාව මුහුදක් වනු ඇත. මුහුද බලවත් සාගරයක් බවට පත් වන්නේය, එය ඔබ හරහා වන්නේය. නමුත් එය කෙසේ වන්නේද යන්න, ඔබ නොදැන සිටිය යුතුය. එය ඔබට දැනගත නොහැක, එසේය, ඔබ එය දැන නොගන්නේය”
මෙම වචනයට දෙවියන්වහන්සේ දුන් විශ්වාසවන්තකම නිසා ඩෙරෙක් ප්‍රින්ස්ගේ සේවය අද පවතින තත්ත්වයට පැමිණ ඇති අතර එය දිගටම "බලවත් සාගරයක්" වන මට්ටම දක්වා ඉදිරියට යනු ඇත.
ඩෙරෙක් ප්‍රින්ස්ගේ ලිඛිත, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සම්පත් වලින් පිරුණු අප සේවය නව පොත් ප්‍රකාශයට පත් කිරීම දිගටම කරගෙන යයි. අප අද වන විට පොත් 100 කට වඩා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවා භාෂා 100 කට වඩා පරිවර්තනය කර ඇත.